Wednesday, April 27, 2011

චරිත..

ජීවිතේ කියන්නේ මහා පුදුම දෙයක්. එක එක විදියේ මිනිස්සු මුණගැහෙනවා. සමහරු ඇවිත් යනවා.. සමහරු අපිටත් කලින් ඇවිත් දිගටම අපිත් එක්ක ඉන්නවා.. 
ඒත් සමහරු...
සමහරු එන්නේ නෑ. යන්නෙත් නෑ. ඒ අය අපේ දවස් වෙනස් කරනවා. 
සමහර වෙලාවට දවස ලස්සන කරනවා. වසන්ත කාලේ නිල් කැටේට වතුර පිරුණු පොකුණක් ළඟ රෝස පාට, කහ පාට, නිල් පාට පුංචි පුංචි මල් ඉහිරුණු ලා කොළ පාට තණ බිස්සක වාඩි වෙලා කණ්ණාඩියක් වගේ වතුර දෙබෑ කරගෙන සුදු පාට හංසයෝ රෑනක් පීනන දිහා බලාගෙන ඉන්නවා වගේ.. සරත් කාලේ කහ පාට, තැඹිලි පාට, රතු පාට පාවාඩයක් එළුවා වගේ පාරක පාට පාටින් හැඩවුණු තුරු වියනක් යටින් ඈතට ඈතට ඇවිදගෙන යනවා වගේ.. ගිම්හාන කාලේ පලතුරු පිරුණු කැලෑවක් මැද්දෙන් ඇවිදගෙන යනකොට පුංචි හා පැටවූ ඇවිත් අපිත් එක්ක කතා කරනවා වගේ.. එහෙමත් නැත්තං සිසිරයේදී සුදු පාටින් හිම වැහිච්ච කඳු පන්තියකින් වටවුණු තැනිතලාවක පුංචි ලී ගෙදරක් ඇතුළෙ ගිනි මැලයක් ළඟ උණුහුමට ගුලි වෙලා අපි ආසම නවකතාව කියවනවා වගේ.. 
ඒත් සමහර වෙලාවට...
හොඳටම වැහැල මුළු ලෝකෙම පාලු මුසල මඩගොහොරුවක් වෙච්ච දවසක කුඩයකුත් නැතුව තෙමි තෙමි, බඩගින්නේ, කොච්චර හෙව්වත් කවදාවත් හම්බවෙන්නේ නැති දෙයක් හොයාගෙන ගොඩාක් දුර ඇවිදින්න වුණා වගේ අපේ දවස මුස්පේන්තු කරලා දානවා.
අප‍ ජීවිතේට ගොඩාක්ම බලපෑම් කරන්නේ මේ චරිත. එන්නෙත් නැති යන්නෙත් නැති චරිත. ඇත්තටම ඒක ඒ අයගේ වරදක් නෙමෙයි. මේ අය දන්නෙත් නෑ ඒගොල්ලෝ අපේ ජිවිත මේ තරම් වෙනස් කරනවා කියල..
මේ චරිත අපේ ජීවිතේට ඇතුළු වෙන්නේ නෑ, ඒත් අපේ ජීවිතෙන් අයින් වෙලා යන්නෙත් නෑ. හැමදාමත් අපේ ජිවිතේ එළිපත්ත උඩ ඉන්නවා. 
හැමදාමත් එළිපත්ත උඩ...     

Thursday, April 21, 2011

All men can be divided in to two categories…

  •      Men who understands everything of their loved ones but chooses to ignore them    for their advantage.
  •       Men who truly do not understand their loved ones… Morons…

             I have begun to feel sorry for both categories… Because they do not realize what they are missing until it is too late….