අපි ළඟින් ඉන්න කෙනෙක් නැති වෙනකල්ම අපි ඒ අයට මොන තරම් ආදරෙයිද කියල අපිට තේරෙන්නේ නෑ..
ඒත් එහෙම කෙනෙක් අපෙන් ටික කාලෙකට හරි ඈත් වුණොත්..
කෑ ගහල අඬන්න හිතුනත් ඒක කරන්න අපිට නිදහසක් නැත්නම්..
කාට හරි කියල නිදහස් වෙන්න හිතුවත් ඒකට අපිට අයිතියක් නැත්නම්..
ඉන්න තැනක් හොයාගෙන දුවගෙන ගිහින් තුරුල් කරගන්න හිතුවත් අපේ කකුල්වලට දම්වැල් දාලනම්..
අපිට අපිව නැතිවෙනවා..
හැමදේම නැතිවෙනවා..
ජිවිතේ කවදාවත්ම ආලෝකයක් දකින්න නැති කළු කුහරයක් වෙනවා..