Tuesday, September 13, 2011

ජීවිතය...

මාවතේ ගීතයකි
නිසරු දේ හඹා යන..
එළිපත්ත මතදී
මරණයේ..
මගහැරී ගිය
ජීවන හුස්ම පොද
අයදින..

Wednesday, September 7, 2011

ආදරය...

කළු කුහරයක්
අනන්තය නොපෙනෙන
වැළඳගත් සියල්ලන්
සදහටම
නොපෙනී යන

තණකොළ මලක්
ජීවිතයට 
හුස්ම පිඹින
අනන්තය තෙක් විහිදුණ
කතරක පිපුණ 

Saturday, September 3, 2011

අපේක්ෂා...

පිපාසය නිවූ 
පැන් කෙණ්ඩිය
බිම වැටී 
සුණු විසුණු වී ගොස්....

ඉහිරුණු දිය පොදක්
බිඳුවෙන් බිඳුව
එක් කොට 
ඉරිතැලුණු දිව තෙමාගන්නට
දරන වෙහෙසක්!