Saturday, March 17, 2012

අවසන් කව

සිදී ගිය දිය කඩිත්තක් මම 
නැත ප්‍රේමයේ එක සුළං පොදක්
ජීවිත මේඝය කැන්දන් එන්නට

සොඳුරු සිතුවිලි මැකී ගිය සඳ
හිරිවැටුණු ආත්මය සතපවන්නට
අඳුරු මිනී වළක් කණිමි මම 

මහන්සියි 
මහන්සියි ජීවිත මිරිඟුව හඹා ගොස්

නෙතු පියා සිහිනයක සැනසුම ලබන්නට
නැලවිලි ගීයක් ගයන්නට
ආදරෙන් හිස පිරිමදින්නට
කෙනෙකු නොමැති කල
පුපුරා හැලෙයි ආත්මය

කැට කැබිලිති පිරුණු ගොහොරු කළල් බිම
වැතිර හිඳිමි දැන්
ප්‍රේමය සොයා ඇවිද සියක් ගව් දුර  
වෙහෙසයි අපමණ දෙපයට

විරාමය දිය යුතුයි
ඉතින් මේ දිවියට