සිදී ගිය දිය කඩිත්තක් මම
නැත ප්‍රේමයේ එක සුළං පොදක්
ජීවිත මේඝය කැන්දන් එන්නට
සොඳුරු සිතුවිලි මැකී ගිය සඳ
හිරිවැටුණු ආත්මය සතපවන්නට
අඳුරු මිනී වළක් කණිමි මම
මහන්සියි
මහන්සියි ජීවිත මිරිඟුව හඹා ගොස්
නෙතු පියා සිහිනයක සැනසුම ලබන්නට
නැලවිලි ගීයක් ගයන්නට
ආදරෙන් හිස පිරිමදින්නට
කෙනෙකු නොමැති කල
පුපුරා හැලෙයි ආත්මය
කැට කැබිලිති පිරුණු ගොහොරු කළල් බිම
වැතිර හිඳිමි දැන්
ප්‍රේමය සොයා ඇවිද සියක් ගව් දුර
වෙහෙසයි අපමණ දෙපයට
විරාමය දිය යුතුයි
ඉතින් මේ දිවියට
No comments:
Post a Comment