Thursday, April 19, 2012

මගේ ඒකපාර්ශවික ආදරය!

දස අත විසිරුණු ඔබේ මතකයන්
දෑස පියන්නට ඉඩ නොදෙයි මට
සියොළඟ තැවරුණු ඔබේ සුසුම් පොද
හුස්ම ගන්නට ඉඩ නොදෙයි මට

දවාලයි මා!
ඔබට කළ ආදරයෙන්
ඔබටම පමණක්
කළ ආදරයෙන්

වෙනතක් බලා සිටින ඔබ දෙස
රහසින් බලා තුටු වෙමි
ජීවිතය පුරා ඔබ තබා ගිය
පියසටහන් පිරිමදිමි ආදරෙන්
මින් මතුව...
 

2 comments:

  1. හිතට දැනෙන මාතෘකාවක්..ලස්සනයි..
    අහම්බෙන් වගේ මේ පැත්තට එවුනෙ...ගොඩක් ලස්සන වෙනස් post ටිකක් කියවන්න හම්බ උනා...

    ReplyDelete