Sunday, October 23, 2011

දෙවැනි තැන

ඔයා පස්සට යන්න
එයාට මෙතන දෙන්න
ඔයා දෙවෙනියා
එයයි පළවෙනියා...

එයාට කිව්වා
ඔයාට කියන එකේ තේරුමක් නෑ
පලක් නෑ
ඔයා දෙවෙනියා
එයයි පළවෙනියා...

ෆිල්ම් එක බලන්න මම එයා එක්ක ගියානේ
දැන් මං ගිහින් ඉවරයි
ඔයා යන්න අම්මා එක්ක
ඔයා දෙවෙනියා විතරයි...

මම හිරකරගත්තා
පැලෙන්න ආදරේ කළා
ඒත් පියාඹල ගියා
පළවෙනියා...

දැන් මං ආදරේ කරලත් ඉවරයි
ඔයා අවශ්‍යතාවයක් විතරයි
ඒක තේරුම් ගන්න
තේරුම් අරන් මා එක්ක ඉන්න
ඔයා දෙවෙනියා
එයා හැමදාමත් පළවෙනියා...