මැදියම් රැයේ විකසිතව හිනැහෙන්න
තුසර පැන් වළාවෙන්
සුමුදු පෙති දොවාලන්න
බලා සිටියෙමි මා
නැගෙනහිර කඳු කවුළුවෙන්
සුපුන් සඳ පායන තුරු..
සඳ හිමියනි,
නුඹට පමණයි පුබුදුවාලියහැකි
මා..
ඒත් අද සඳ නෑ
මුළු රැයම කළුවරයි
සරාසඳ යන්න ගොස්
කළු වළාවක සැඟවිලා
හෙට රැයේ යළි පිබිදෙන්න
වරම් නැත මට..
හිමිදිරියේ කාටත් හොරා
මුකුලිත වෙලා යන
කඩුපුල් මලක් මම..
No comments:
Post a Comment