Lost Soul
Thursday, April 19, 2012
මගේ ඒකපාර්ශවික ආදරය!
දස අත විසිරුණු ඔබේ මතකයන්
දෑස පියන්නට ඉඩ නොදෙයි මට
සියොළඟ තැවරුණු ඔබේ සුසුම් පොද
හුස්ම ගන්නට ඉඩ නොදෙයි මට
දවාලයි මා!
ඔබට කළ ආදරයෙන්
ඔබටම පමණක්
කළ ආදරයෙන්
වෙනතක් බලා සිටින ඔබ දෙස
රහසින් බලා තුටු වෙමි
ජීවිතය පුරා ඔබ තබා ගිය
පියසටහන් පිරිමදිමි ආදරෙන්
මින් මතුව...
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)