Lost Soul
Sunday, June 23, 2013
ආදරයේ දේශපාලනය
සමාජවාදී දෘෂ්ටි මායාවෙන්
ඒකාධිපතීත්වය මුවා කර
දෙපාර්ශවය
බල අරගලයක
මානව හිතවාදයෙන් ඇරඹි
සන්ධානය
කුඩුපට්ටම් වී යන හැටි
මමත්වය රජ වූ කල
පාලක පක්ෂය හා විපක්ෂය
අතර දෝලනය වී මැකී යන
අසරණ ප්‍රජාතන්ත්‍රවාදී ආදරය
Friday, May 3, 2013
අළු පැහැ වළා ගුලි වී
අපේක්ෂාවේ රත් ගිනි දළු වසන් කළ
මන්දාරම් හැන්දෑව
විශ්වාසයේ හිරු බැස ගොස්
හිස් වී ඇත ජීවිත අහස් තලය
ප්‍රේමයේ සියොතුන්
වෙනත් අහසක් සොයා
ඈතින් ඈතට පියා සලනා හැටි
හිරු උදා වේ ද නැවතත්
හෙට දින
හුදෙකලාවේ අඳුරු වළා දෙස බලා
සිතමි මම
Monday, February 4, 2013
නිදහස!
තවමත් ඇද හැලෙන
අනෝරා වැස්ස මැද
තෙමුණු හිත ගුලිකරන්
ඇවිදින විට
ඈත අහසේ අළු වළා මැද
රන් පාටින් දිලෙන
පුංචි හිරු කිරණක් දුටුවා
තව දුරයි එතැනට
කටු කොහොල් මග දිග
ඒත් යා යුතුමැයි
විඩාබර හිත කීවා
Friday, December 28, 2012
බලාගෙනයි !
ඔබ සතුටින් උඩ පැන නටන විට
මේ තණපත් මත රැඳි පිණිබිඳු
තැලී පොඩි වී යාවි
Thursday, April 19, 2012
මගේ ඒකපාර්ශවික ආදරය!
දස අත විසිරුණු ඔබේ මතකයන්
දෑස පියන්නට ඉඩ නොදෙයි මට
සියොළඟ තැවරුණු ඔබේ සුසුම් පොද
හුස්ම ගන්නට ඉඩ නොදෙයි මට
දවාලයි මා!
ඔබට කළ ආදරයෙන්
ඔබටම පමණක්
කළ ආදරයෙන්
වෙනතක් බලා සිටින ඔබ දෙස
රහසින් බලා තුටු වෙමි
ජීවිතය පුරා ඔබ තබා ගිය
පියසටහන් පිරිමදිමි ආදරෙන්
මින් මතුව...
Saturday, March 17, 2012
අවසන් කව
සිදී ගිය දිය කඩිත්තක් මම
නැත ප්‍රේමයේ එක සුළං පොදක්
ජීවිත මේඝය කැන්දන් එන්නට
සොඳුරු සිතුවිලි මැකී ගිය සඳ
හිරිවැටුණු ආත්මය සතපවන්නට
අඳුරු මිනී වළක් කණිමි මම
මහන්සියි
මහන්සියි ජීවිත මිරිඟුව හඹා ගොස්
නෙතු පියා සිහිනයක සැනසුම ලබන්නට
නැලවිලි ගීයක් ගයන්නට
ආදරෙන් හිස පිරිමදින්නට
කෙනෙකු නොමැති කල
පුපුරා හැලෙයි ආත්මය
කැට කැබිලිති පිරුණු ගොහොරු කළල් බිම
වැතිර හිඳිමි දැන්
ප්‍රේමය සොයා ඇවිද සියක් ගව් දුර
වෙහෙසයි අපමණ දෙපයට
විරාමය දිය යුතුයි
ඉතින් මේ දිවියට
Wednesday, November 2, 2011
ජීවත් වන්නට තවත් මොහොතක්...
ගමනක් යමි
පුරන්ව දා ගිය
කෙත්වතු මතින්...
කෙතේ කොණක
සිදී ගිය දිය කඩිත්තක
තිප්පිලි පැටියෙක්
ජීවිතය ඉල්ලා සටනක...
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)