Wednesday, June 30, 2010

අවසන් දෙබස

ඔබ:   කවුද ඔබ..?
මම:   කවුරුත්ම නෙමෙයි මම, අතරමං වූ ආත්මයක්..
ඔබ:   ඔබේ ආත්මය ලස්සනයි.
මම:   නෑ. මම තවමත් හොය හොයා ඇවිදිනවා, මගේ 
         ආත්මය.
ඔබ:   මමත් එහෙමයි. අවුරුදු ගානක් ඇවිදලා මට හරි 
         මහන්සියි.
මම:   තනිවම හොයල මටත් මහන්සියි. කාගෙහරි 
         උරපත්තක් තියෙනවනම්, ටිකක් හිස තියාගෙන 
         ගිමන් හරින්න..               
ඔබ:   ............................
මම:   කොහෙද ඔබ..? 
ඔබ:   ............................

2 comments:

  1. ඔබ කවුරුවත්ම නොවෙයි
    ඔබමයි....
    ඔබ අතරමං වී ඇත්තේ
    ඔබ තුලමයි.....
    තවෙකෙක් මොටද තනියට......
    එබිකම් කරන්න හද පතුලට......
    ඇත්තෙ නුඹ තුලමයි.....
    ඒ හඬ.........

    ReplyDelete