Saturday, July 10, 2010

මගේ සඳ ඔබ..

රුවල් ඉරීගිය නෞකාවේ..
නියමුවානෙනි,
විශ්වයම නුඹයි මට..
අනන්තයි නුඹ මට..

නොනිමි උත්සාහය..

නිමක් නැති කලක් පුරා 
හැපි හැපී නිතොරව
මොළොක් කරන්නට ගල්පරයක්
රළක් දැරූ  වෙහෙසක්..!

Wednesday, June 30, 2010

අවසන් දෙබස

ඔබ:   කවුද ඔබ..?
මම:   කවුරුත්ම නෙමෙයි මම, අතරමං වූ ආත්මයක්..
ඔබ:   ඔබේ ආත්මය ලස්සනයි.
මම:   නෑ. මම තවමත් හොය හොයා ඇවිදිනවා, මගේ 
         ආත්මය.
ඔබ:   මමත් එහෙමයි. අවුරුදු ගානක් ඇවිදලා මට හරි 
         මහන්සියි.
මම:   තනිවම හොයල මටත් මහන්සියි. කාගෙහරි 
         උරපත්තක් තියෙනවනම්, ටිකක් හිස තියාගෙන 
         ගිමන් හරින්න..               
ඔබ:   ............................
මම:   කොහෙද ඔබ..? 
ඔබ:   ............................

Sunday, June 27, 2010

මතකයන්..

කාටවත් පුලුවනිද කාගෙවත් මතකයන් සොරාගන්න..
සමහරුන්ට අනුව නම් පුළුවනි... ඒත් සමහරු කියන්නේ කාගෙවත් මතක සොරාගන්න තරම් කාටවත් ශක්තියක් නෑ කියල. මිනිස්සු මට චෝදනා කරනවා මම මතකයන් සොරාගන්නියක් කියල. ඇත්තද ඒක..  මම විටින් විට මිනිස්සුන්ගෙ ජීවිතවලට එබිලා බලල ඒ ජීවිතවල තියෙන ලස්සනම මතක සොරාගන්නවලු.

හොරකම කියන්නේ අනුන්ගෙ දෙයක් අවසරයකින් තොරව තමන්ගෙ කරගන්න එක. මගෙ ජීවිතේට විටින් විට මිනිස්සු විවිධ චරිත විදියට ඇතුළු වෙනවා. නෑදෑයෝ, යාළුවො, ගුරුවරු, නාඳුනන්නෝ... මේ හැමෝම මොකක්හරි මතකයක් මගෙ ළඟ පරිස්සමට තියල මගෙ ජීවිතෙන් ඈත් වෙලා යනවා. සමහර මතක හ‍රිම ආදරණීයයි, සමහර ඒවා නිසා දුක හිතෙනවා, සමහර ඒවා ජුගුප්සාජනකයි. මගෙ කැමැත්තෙන් වගේම මගෙ අකමැත්තෙනුත් මගෙ ළඟ මතක ඉතුරු කරලා යනවා. ඒ හැම මතකයක්ම මම පරිස්සමට අරන් තියනවා, ඉල්ලුවොත් ආපහු දෙන්න. ඒත් මගෙ ජීවිතෙන් ඇත් වෙලා ගිය කවුරුවත් ඒ මතකයන් ගන්නවත් ආපහු ආවෙ නෑ, කවදාවත්ම.

ඉතින්, දැන් මගෙ ළඟ මතකයන් මහා ගොඩක් එකතු වෙලා. ඉතුරු වෙලා තියෙන්නෙත් ඒ මතකයන්ම විතරයි. මම මතකයන් එකතු කරන්නියක් වෙලා..
ඒත් මම මතකයන් සොරාගන්නියක්ද..? 

Friday, June 25, 2010

අහිංසක..


නොදැන අනාගත නොපනත්කම් 
මිනීමරු සිතිවිලි
බියකරු ගර්ජන 
කෙළින සැටි බලව 
අහිංසක
නිර්මල පැටි ආත්මයෙන්
කෙළිදෙලෙන්.. 

Wednesday, June 23, 2010

පෙම් හබයක්!

කවිය යනු කිමැයි..
සොඳුර නුඹ අසයි..
නුඹේ නුවන් මත මා දෑස සැතපෙනා නිසසල රාත්‍රියේ..
කවිය යනු,
නුඹම මැයි..
නුඹට එය නොවැටහෙයි..
ඉතින් පෙම් හබයක්!

Sunday, June 13, 2010

අපේ දරුවෝ

අපිත් එක්කම ඉපදිලා
අපි වගේම
හීන දකින්න
ලෝකය හඳුනාගන්න
මල් සුවඳ විඳින්න
කුරුළු ගී අහන්න
ආදරය ලබන්න
පෙරුම් පුරලා
අපිට හුඟාක් කලින් ලෝකය අතැරලා යන
අපේ දරුවෝ